හොංකොං විරෝධතාකරුවන්ට යළි මර්ධනයේ හස්තය දිගුවෙයි

0
313

1989 ටියැංමෑන් චතුරශ්‍රයේ දී එල්ල වූ මර්දනය සිහිපත් කිරීම සඳහා හොංකොංහි වාර්ෂිකව පැවැත්වෙන අනුස්මණයේ සංවිධායකයින් තිදෙනකු මාස හතරහමාරක කාලයක් සඳහා සිරගත කර තිබේ.

ජාතික ආරක්ෂක පොලිස් දත්ත ඉල්ලීමකට ප්‍රජාතනත්‍රවාදී සන්ධානයේ නායකයන් ප්‍රතිචාර නොදැක්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව හොංකොං පොලිසිය පවසා ඇත.

එම වරදම වරද පිළිගත් තවත් දෙදෙනෙකුට මාස තුනක සිර දඬුවම් නියම වූ බව හොංකොං මාධ්‍ය වාර්තා කරයි.

චීනය විසින් පනවා ඇති ජාතික ආරක්ෂක නීතිවලට අනුව, මූල්‍ය වාර්තා ඇතුළු තොරතුරු ඉල්ලා විදේශීය දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ගේ නියෝජිතයින්ට නොතීසි නිකුත් කළ හැකිය.

ප්‍රජාතනත්‍රවාදී සන්ධානයට නිකුත් කළ පොලිස් නොතීසි නීත්‍යානුකූල බවත්, කණ්ඩායමෙන් තොරතුරු ඉල්ලා සිටීම අවශ්‍ය බවත් අධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය.

දඬුවම අඩු කිරීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවද අධිකරණය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here