Thursday, April 25, 2024

ඇෆ්ගනිස්තානයට අලුතින් ජිහාඩ් උපාධිධාරීන් 500ක්

ඇෆ්ගනිස්තානයේ විවිධ පළාත්වල පිහිට ජිහාඩ් පාසල්වලින් 500 කට වැඩි පිරිසක් උපාධි ලබා ඇතැයි තලේබාන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලේබාන් පරිපාලනය ඇෆ්ගනිස්ථානය පුරා ජිහාඩ් පාසල් ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

පසුගිය මාස 18 තුළ, පාලක රෙජීමය පාසල් විෂය මාලාවට ආගමික විෂයයන් කිහිපයක් ඇතුළත් කර ඇති අතර, තලේබාන් කණ්ඩායමට අනවශ්‍ය යැයි හැඟෙන වෙනත් පාඨමාලා ඉවත් කර ඇත.

තලේබාන් සංවිධානයේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශවලට අනුව එම කණ්ඩායම රට පුරා සෑම දිස්ත්‍රික්කයකම ආගමික පාසල් තුන සිට දහය දක්වා පිහිටුවීමට නියමිතය.

සෑම ආගමික පාසලකටම ගුරුවරුන් දස දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු සිටින අතර සෑම අධ්‍යයන වාරයක්ම සිසුන් 500-1000 අතර ප්‍රමාණයක් පුහුණු කරනු ඇත.

ජිහාඩි පාසලේ සෑම සිසුවෙකුටම දිනකට ඇෆ්ඝානි 150 ක් ලැබෙන බව ද වාර්තා වේ.

මීට අමතරව, ආගමික පාසල්වල සෑම ගුරුවරයෙකුටම මාසික වැටුපක් ලෙස ඇෆ්ඝානි 15,000-25,000 අතර ප්‍රමාණයක් ලැබෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles