Wednesday, January 15, 2025

වරාය නගරයෙනුත් කොවිඩි පොකුරක් මතුවීමෙි අවදානමක් !

කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය.

පෝට් සිටි පරිශ්‍රය නැරඹීම සදහා ජනතාවට බලධාරීන් විසින් අවස්ථාව ලබා දීමත් සමග සෞඛ්‍ය උපදෙස් හෝ නොතකා ජනතාව ඊයේ දිනයේ පෝට්සිටිය නැරඹීම සදහා පැමිණි ආකාරයක් දැකගත හැකි විය.

මෙම අධික සෙනග රොක්වීම පාලනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී තිබේ.
පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ නන්දෙසින් ඒ වෙත විශාල ජනකායක් පැමිණෙමින් සිටින බැවින් කොරෝනා පොකුරක් මතුවීම පිළිබඳ බියක් මතුව තිබේ.


මූලාශ්‍රවලට අනුව, Omicron Covid ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉහළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවට සෙනඟ එක්රැස්වීම ආසාදන සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් පැවතිය හැකිය.
මහජනතාවගේ හැසිරීම නව කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ තර්ජනයක් බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ.
බොහෝ විට සමාජ දුරස්ථභාවයකින් තොරව පසුගිය දින කිහිපය තුළ මහජනතාව සක්මන් මළුවට ඇතුළු වීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටි බව කියැවේ.
පරිශ්‍රය තුළ පවා සමාජ දුරස්ථභාවය පවත්වා නොතිබුණි. දිගු සති අන්තයේ සක්මන් මළුවට ඇතුළු වූ විශාල ජනකායක් අතර සිටි කිහිප දෙනෙක් මුහුණු ආවරණ පැළඳ නොසිටි බවද වාර්තා විය.

සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවන්නේ මෙම තත්ත්වය යටතේ ඉදිරි දින කිහිපය ඇතුළත පෝට් සිටි පොකුරක් මතුවීමේ අවදානමක් ඇති බවය.

මේ වනවිටත් ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බවටද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles