Saturday, May 18, 2024

කොවිඩි දැඩිසත්කාර ඒකක ඇඳන් 70 න් 52ක්ම පිරී අවසන්.යලිත් ඔක්සිජන් අවශ්‍යතාව ඉහල යයි

මෙරට කොරෝනා දැඩිසත්කාර ඒකක සඳහා වෙන් කර ඇති ඇඳන් 70 න් 52ක්ම මේ වන විට කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී පවතින බව කොවිඩ් 19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්දානි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.

කොවිඩ් වෛරස් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල් වල පවතින දැඩි සත්කාර ඇදන් 70 න් 52 ක්ම මේවනවිට පිරී ඇතැයි සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා.

පසුගිය කාල සීමාවට වඩා මෙම කාලයේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම තත්වය පාලනය කරගැනීමට හැකි නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වීමත් / ආරක්ෂා වීමත් බෙහෙවින් වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොවිඩ් 19 පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක / සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා කියා සිටියේ.

තවදුරටත් වෛද්‍යවරයා කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේද ව්‍යාප්තිය හමුවේ කොවිඩ් මර්ධන එන්නත්කරණයට යොමුවීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන්ද වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා මෙලෙස අදහස් පළ කළා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා කියා සිටියේ කොවිඩ් මර්ධන එන්නත ලබානොගත් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති කෙටුම්පත් නීතිපතිවරයාගේ උපදෙස් මත මේදිනවලදී සකස් කෙරෙමින් පවතින බවයි.

පසුගිය කාල සීමාවට වඩා මෙම කාලයේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles