Saturday, May 4, 2024

ලංවිමට තෙල් දෙන්න බෑ – IOC සමාගම කියයි

මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් IOC සමාගම විසින් ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.

ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බව IOC සමාගම සඳහන් කරනවා.

අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහබැංකු අධිපතිවරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

ඉන්ධන නැව නිදහස් කිරීමට නොහැකි වුවහොත් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇති බවද කියා සිටියා.

ණයවර ලිපි (LC) විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බව IOC ය පවසා තිබෙනවා. මේ මොහොතේ තමන්ගේ ප්‍රමුඛතාව වී ඇත්තේ තම බෙදුම්කරුවන්ගේ පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවද ඔවුන් සඳහන් කරනවා.

මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ගැන කළ විමසීමකදීයි ඔවුන් මේ බව කියා ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles