Monday, December 23, 2024

43 සේනාංකය රටපුරා සජීවීව

දිවයිනේ සියළුම මැතිවරණ කොට්ඨාශ ආවරණය කෙරෙන පරිදි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 43 වන සේනාංකය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙහි ආරම්භක වැඩසටහන ලෙස දිස්ත්‍රික්ක ගණනාවක්ම ආවරණය කෙරෙන පරිදි පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සෙනසුරාදා (30) දින සංවිධානය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අම්පාර නගරයේදී ඒ සඳහා සම්බන්ධ වනු ඇත.

සමස්ථයක් ලෙස දිවයින පුරා ස්ථාන 130 කදී මෙම කටයුත්ත සිදුකිරීමට සූදානම්ව ඇති බව 43 වන සේනාංකයේ ප්‍රකාශකයකු අප හා සඳහන් කළේ ය.

වර්තමානයේ රටේ පවතින ගැටළු සහ ඒ පිළිබඳ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික දැනුවත්කිරීමක් සිදුකිරීම මෙහිදී අපේක්ෂා කෙරෙන බව අප වෙත දැනගන්නට ලැබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles