Sunday, May 19, 2024

හවුල්කාර පක්ෂ 11ක් ඇත්තෙත් නෑ, වෙනම රැළි තියන කතාවක් ජනපති ගාවදී බය නැතුව කවුරුවත් කිව්වෙත් නෑ

යුගදනවි ගිවිසුමට එරෙහිව වෙනම රැළියක් පවත්වන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂවල කිසිදු නායකයෙකු ඉදිරිපත් නොවුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

“මම දන්න තරමින් නම් හවුල්කාර පක්ෂ 11ක් අපට නෑ. 11ක් පාර්ලිමේන්තුවෙ නෑ. එහෙම කිසිම කෙනෙක් රැළියක් තියන බවක් ගැන ප්‍රකාශ කළේ නෑ. එහෙම මේ නිර්භීතව එහෙම ප්‍රකාශයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ” 

“ඒ සාකච්ඡාවෙදි අන්තිමට පැමිණ හිටපු හැමදෙනෙක්ටම වගේ තේරුණා මේ එල්. එන්. ජී. බලාගාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නෑ, එය ඉතාම පාරදෘෂ්‍ය ආකාරයෙන් ඒ වගේම රටට වැඩදායක ආකාරයෙන් සිදුකරන ව්‍යාපෘතියක් බව. බැසිල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව කිව්වෙ මෙම ගිවිසුම් දැනට සම්පූර්ණයෙන්ම අවසන් නිගමනයකට ඇවිල්ලා නෑ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හදාරලා අවශ්‍ය දේ කරන්න නීතිපතිවරයා වෙත යොමුකරලා තියෙනවා, සියලුම පක්ෂ නායකයින්ට තමුන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්ය කියන කාරණය තමයි පැහැදිලිව කිව්වෙ” 

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) රාත්‍රියේ ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles