ක්වීන්ස්ලන්ඩි ප්‍රාන්තයේ පැනවූ අපූරු නීතිය

0
1004

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නූසා නගර සභා බල ප්‍රදේශය විසින් පණවා ඇති අපූරු නීතියක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මෙම ප්‍රදේශයේ ලබන සතියේ සිට අත්පුඩි ගැසීම , ශබ්ද නගා කතා කිරීම , ගීත ගායනා කිරීම සහ ආරාවුල් ඇති කරගැනීම තහනම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සංචාරකයන්ට නිදහසේ නිවාඩු ගත කිරීමට අවස්ථාව සළසා දීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බව නූසා නගර කවුන්සිලය නිවේදනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව නීති අනුව කුලී නිවාසවල කළමණාකරු අදාළ ස්ථානයේ සිට කිලෝමීටර් 20 ක වපසරිය තුළ සිටිය යුතු අතර අධි ශබ්ද පැමිණිල්ලක් ලද වහා විනාඩි 30 ක් ඇතුළත එම ස්ථානයට පැමිණීම අනිවාර්ය වනවා.

කෙසේවෙතත් දේපළ හිමිකරුවන් ඇතුලු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here