Saturday, May 18, 2024

කරෑ මහින්දගේ ආණ්ඩුවට ගියේ එජාපය දැනුවත් නොකරයි – රනිල්ගෙන් කරෑට ටොක්කක්

හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගනු ලැබුවේ එජාපය දැනුවත් කිරීමකින් තොරව යැයි හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සහ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එකඟතාවයකට පැමිණ සිටීම නිසා තමන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ගත් බව කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කළත් එජාපය සහ පැවැති ආණ්ඩුව අතර පැවතියේ යුද්ධය නැවැත්වීම සඳහා සහාය ලබා දීමේ එකඟතාවය පමණක් බවත් වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග පෙරේදා (23 දා) පැවැති සාකච්ඡාවක දී පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගසා ගැනීම ඇතුළු සිදුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූයේ තමාගේ සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාවයෙන් බවට ඇතමුන් කර තිබූ ප‍්‍රකාශ පිළිබඳ තමා පුදුම වූ බව ද වික‍්‍රමසිංහ මහතා පැවසීය.

එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු නොවූයේ තමාගේ බලපෑම මත බවට ඇතැමුන් ප‍්‍රකාශ කළත් එම පරීක්ෂණ අඩාල වූයේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බව ද හිටපු අගමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු පරීක්ෂණ අඩාල කිරීමට තමා බලපෑමක් නොකළ බවත් එවක පොලිසිය භාරව සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවත් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles