Thursday, January 16, 2025

වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බැලීම එළඹෙන මාර්තු 4 වනදාට කැඳවයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස  අභියාචනාධිකරණය නියම කළේය. 

ඒ එම පෙත්සම අද (17) විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

 පෙත්සම්කාර වෛද්‍ය ශාෆි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව සිදුකරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටියේය. 

එම වෛද්‍යවරයා පක්ෂපාතී පුද්ගලයකු බවත් ඔහු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට කරුණු දක්වා ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කළේය.

 වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 සහ 61 වගන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබඳව කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව තර්ක කළේය. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියම කර ඇත. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles