Tuesday, May 14, 2024

ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමන් CID යට කැඳවයි

පාස්කු ප‍්‍රහාර සිද්ධියට හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද වගකිවයුතු බවට ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් කළ පැමිණිල්ලකට අදාලව ප‍්‍රකාශයක් ලබාදීමට පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.ඒ අනුව පියතුමන් අද පෙරවරුවේ සීඅයිඩිය වෙත පැමිණ තිබුණි.

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් අද (17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය තුනක පමණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

පාස්කු ප්‍රහාර සිද්ධියට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වගකිවයුතු බවට සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට ජූඩ් ක්‍්‍රිෂාන්ත පියතුමන් පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කර තිබූ අතර, ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පියතුමන් මෙසේ කැඳවා තිබිණි.

ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔහු ඊට වගකිවයුතුනම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් එහිදී ඉල්ලා සිටි බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ පැවසූහ.

තමන්ගේ ඉල්ලීමට එම නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බව ද පියතුමෝ කීහ.

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් මේ බව පැවසුවේ ප්‍රකාශය ලබාදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles