මව සහ දරු තිදෙනා වස කා මියයති

0
719

වස දැමූ අයිස්‌ක්‍රීම් ආහාරයට ගත් යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ දරුවන් තිදෙනකු ඊයේ (27 වැනිදා) මියගොස්‌ ඇත.

පොලිසියට ලද තොරතුරකට අනුව මියගිය අයගේ මළ සිරුරු ඊයේ දහවල් සොයාගෙන තිබිණි.

මෙය සියදිවි නසා ගැනීමක්‌ ද නැතිනම් ඝාතනයක්‌ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක්‌ නිශ්චිත තොරතුරක්‌ හෙළිවී නොමැති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ අවුරුදු 28 ක්‌, අවුරුදු 4 සහ අවුරුදු 1, අවුරුදු 2 යන වයස්‌වල පසුවන මවක සහ දරුවන් තිදෙනෙකි.

මියගිය කාන්තාවගේ සැමියා ද මීට මාසයකට පමණ ඉහතදී මූල්‍යමය ගැටලුවක්‌ මත වස පානය කර මියගොස්‌ තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here