ඉතිරිකිරීමේ බැංකුවට හා සියලු වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක්

0
775

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී සීමාවන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදේශ මූල්‍යකරණයක් හැර ස්වෛරී බැඳුම්කර මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකාවේ මහ බැංකුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නියෝග කර තිබේ.

විදේශ විනිමය වෙළෙඳපොළ මත පීඩනය අඩු කිරීම සඳහා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත.

මාහ 06 ක කාලයක් වෙනුවෙන් මෙම අත්හිටුවීම බලපැවැත්වෙන ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here