Sunday, May 19, 2024

දෙමළ මුස්ලිම් පක්‍ෂ අපේක්‍ෂකයන්ට සජබයෙන් නාමයෝජනා නෑ – කිරිඇල්ල කියයි

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
 
 සමගි ජනබලවේගය යටතේ නාමයෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලූ තිබෙන බවත් ඒ මහතා කීය.
 
 විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් මහත්වරුන් ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැතැයි හෙතෙම අවධාරණය කළේය.
 
 තම පක්ෂය සමඟ දුකේදීත් සැපේදීත් එකට සිටින මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින් ශක්තිමත් කර තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඔවුන් පමණක් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කබීර්, හලීම්, මුජිබර් හා මරික්කාර් ඊට උදාහරණ බවත් කිරිඇල්ල මහතා කීය.
 
 මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් තම පක්ෂයේ ඡුන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට පැමිණ තීරණාත්මක අවස්ථාවලදී පක්ෂය පාවාදුන් අවස්ථා රැුසක් තිබෙන බවත් ඒවා සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ඔවුන්ට පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට තීරණය කළ බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.
 
 මෙරට මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් පුරා ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කළ බවද, තව දුරටත් එම පක්ෂවල ප‍්‍රාණ ඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සූදානම් නොමැති බවත් කී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වසර 20 ක් පුරා කළ අඥාන වැඩ මින් ඉදිරියට පක්ෂය නොකරන බවද අවධාරණය කළේය.
 
 පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව නොදී පක්ෂය මගින්ම නැගෙනහිර පළාතට මුස්ලිම් අපේක්ෂකයින් ඉදිරිපත් කළේ නම් තවත් මන්ත‍්‍රී ධුර තුනක් පක්ෂයට ලැබෙන බවද ඒ මහතා කීය.
 
 දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය පැවතියේ නම් මුස්ලිම් ජනතාව අද මුහුණ දෙන ප‍්‍රශ්න වලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබූ නමුත් අද මුස්ලිම් ජනතාවට විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ නොයෙකුත් හිරිහැර විඳීමට සිදුව තිබෙන බවත් කී මන්ත‍්‍රීවරයා මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේම සහායෙන් සම්මත කරගත් විස්ස අද ඔවුන්ටම පාරාවළල්ලක් වී ඇතැයි අවධාරණය කළේය.
 
 රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දුන් මුස්ලිම් දේශපාලනඥයින් කොවිඞ් මරණ ආදහනය කිරීමට එරෙහිව බොරු විරෝධයක් මවා පාමින් සිටින බවද හෙතෙම පැවසීය. ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් මතු වෙමින් තිබෙන බවද කිරිඇල්ල මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles