ජනපති වගාබිමට යයි

0
788

අනුරාධපුරය ඇලෑපත්තුව පහළගමට 26 පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.  

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානිවීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටී.  

මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීන් ජනාධිපතිවරයා සමඟ පැවසු බව ජනාධිපති මාධය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.  

වගාබිම්වලට ඇති, වනඅලි තර්ජනය පිළිබඳව ද ගොවීන්  ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.  

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයාබැලීම පිළිබඳව ගොවීන් ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here