Thursday, September 19, 2024

2020 කොටස් වෙළෙඳපොළට ඓතිහාසික වසරක් – සියලු කොටස් මිල දර්ශකයේ 10.5%ක වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට 2020 වසරේ දී අවස්ථාව ලැබී ඇත. මෙහිදී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වසර තුළ දී 10.5% ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කර තිබේ.

වසර 35 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ අවස්ථා 12 කදී පමණක් සියලු කොටස් මිල දර්ශකය ඉලක්කම් දෙකක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර මෙය 2014 වසරෙන් පසු වාර්තා වූ වැඩිම වාර්ෂික වර්ධන අගයය ද වේ.

මේ අනුව 2020 වසර අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සනිටුහන් වූයේ ඒකක 6.774.22 ක් ලෙසිනි.

2020 මැයි 12 දින පසුගිය දශකයක කාලය තුළ අවම මට්ටමට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණිය ද වසරේ සෙසු කාලය අතරවාරයේ දී 59% ක වර්ධනයක් ළඟා කර ගැනීමට එය සමත්විය.

මේ අතර කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2020 වසර තුළ දී රු. බිලියන 109 කින් ඉහළ ගොස් තිබේ.

මෙහිදී තවත් සුවිශේෂී කරුණක් වන්නේ 2011 වසරෙන් පසු ඉහළම දෛනික සාමාන්‍ය පිරිවැටුම් අගය 2020 වසරේ දී වාර්තා වීමයි. එය රු. බිලියන 1.9 කි. 2020 වසරේ සමස්ත පිරිවැටුම රු. බිලියන 397 ක් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles