ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව තහවුරු කරයි.
මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ලවී තිබුණි.
ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම විය.
ජනාධිපති සමාවට අදාළ දැනුම්දීම ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.