Sunday, May 19, 2024

ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව තහවුරු කරයි.

මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ‍T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ලවී තිබුණි.

ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම විය.

ජනාධිපති සමාවට අදාළ දැනුම්දීම ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles