උපා­ධි­ධා­රීන් දෙද­හ­සක් තව­මත් දෙලො­වක් අතර

0
897

උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීමේ පදනම මත සිදුව ඇති අසාධාරණය නිසා මේ වන විට තවත් 2,000 කට ආසන්න පිරිසකට රැකියා නොලැබී ඇතැයි උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියාරච්චි පවසයි.

ඔහු එසේ පැවැසූවේ පෞද්ගලික අංශයේ රැකියාවලින් ඉවත්ව රජයේ පත්වීම් ගත් මොවුන් ට අවසානයේ රජයේ පත්වීම් මෙන්ම කරමින් සිටි පෞද්ගලික අංශයේද රැකියා අහිමිව ඇති බවකි.

රජය විසින් මාර්තු මස 2 වැනිදා ලබා දීමට තිබූ පත්විම් සියල්ල අගෝස්තු මස 16 වැනිදා නැවතත් අහෝසි කිරීම නිසා මේ තත්ත්වය උග්‍ර වී ඇති බවත්, අගෝස්තු මස දෙවැනි වරට ඉල්ලම් කළ අය අතරින් පෞද්ගලික අංශයේ රැකියා කළ අය, අයැදුම්පත් පිරිවීමේ අඩුපාඩු මත මෙන්ම 45 වයස් සීමාව මත 23,000 කගේ පමණ අයැදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බවකි. කෙසේ වෙතත් මේ පිරිසගේ අභියාචනා නැවත පිරිස්සීමෙන් අනතුරුව ඉන් විශාල පිරිසකට යළි රැකියා ලැබී ඇති අතර තවත් 2000 ක පිරිසකට තවමත් රැකියා අහිමිව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here