Tuesday, May 7, 2024

ජනතා සුව­යට කෝටි 10,000 ක්

2021 අයවැය මඟින් අපේ රටේ කෝවිඩි – 19 පාලනයට ජනතාවගේ සුව සෙත හා සුව සේවා නැංවීමට සහ රෝහල් සඳහා ඖෂධ නොමිලේ ලබාදීමට රජය රුපියල් කෝටි 9999.7 ක් වෙන්කර ඇතැයි ද අදාළ කටයුතු දැනටම අරඹා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) හේමන්ත ස්වර්ණතිලක පවසයි.

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදනය හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන හා අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් එස්.එස්. මුණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීමට අනුව මේ වසරේ සෞඛ්‍ය ක්ෂේක්‍රයේ ඉහළම සංවර්ධනයක් මඟින් ජනතා සුව සෙත නැංවීමට දැනටම කටයුතු යොදා ඇතැයි හේමන්ත ස්වර්ණතිලක පවසයි.

ඒ අනුව මෙරට සියලුම රෝහල් සඳහා ගුණාත්මක ඖෂධ නොමිලේ ලබාදීමට රුපියල් කෝටි 6050 ක් වෙන්කර ඇත. ඒ කටයුතු වලට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යටතේ දැනටම කටයුතු සූදානම් වෙමින් පවතී.

ග්‍රාමීය රෝහල්, වැඩිහිටි සේවා මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනයට රුපියල් කෝටි 1501 ක්ද මෙවර වෙන් කර තිබේ. ඒ කටයුතු කිරීමට අවශ්‍ය සැලසුම් හා යෝජනා සකස් කරමින් පවතින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ සමඟම කෝවිඩ් – 19 සේවා හා ඒඩ්ස් ජලභීතිකාව මැලේරියාව පාලනයට මෙවර වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 218 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles