තෙල් මිල වැඩිකරන යෝජනාව ජනපති ඉවත දමයි

0
633

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25 වැනිදා) රාත්‍රියේ පැවැත්විණි. යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවයි. හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here