තාරුණ්‍යයට හෙටක් දෙන්නට ගොස් නාලක ගොඩහේවා අත්අඩංගුවට..!

0
1137

සුරැකුම්පත් හා විනිමය කොමිසමට අයත් රුපියල් මිලියන 5 ක මුදලක් අයථා ලෙස “තාරුණ්‍යයට හෙටක්“ සංවිධානයට ලබාදීම හේතුවෙන් චෝදනා ලැබූ එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශකර සිටියේ අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය ඉදිරියේ පෙනී සිටින ලෙස ගොඩහේවා මහතාට දන්වා සිටි බවත්, ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ එසේ අත්අඩංගුවට ගැනීම සිදුකල බවත්ය. ඒ අනුව ගොඩහේවා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ධම්මික පෙරේරා මහතා සහ හිටපු අධ්‍යක්ෂක රොනී ඊබ්‍රහිම් මහතාද මින් පෙර සිකුරාදා දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශ්‍ය විසින් අත්අඩංගුවට ගෙන අද දින වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.

සෙනසුරාදා දිනයේදී පෙනී සිටින ලෙස දන්වා සිටියත් ගොඩහේවා මහතාගේ නීතීඥයන් විසින් සිදුකල ඉල්ලීමක් අනුව එය අද දින දක්වා කල්දැමීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා යටතේද කෙටි කලක් එම තනතුර දැරූ ගොඩහේවා මහතා පසුව සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. රජයේ සුරැකුම්පත් සහ විනිමය පරිපාලනය උදෙසා මූල්‍යයනය කරන එම කාර්යභාරයට කිසිසේත්ම අදාල නොවන සිවිල් සංවිධානයකට පිරිනැමීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here