Tuesday, May 7, 2024

වසීම් තාජුඩීන් ඝාතනයේ සියළු සත්‍යය අද හෙටම එළියට..!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට හෙළිවන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තවත් තාක්ෂණික සාක්ෂි රශියක් මතුවීමත් සමග නුදුරු දිනකදී එම ඝාතනයට අදාාල සියළු තොරතුරු නිරාවරණය වෙන බවට සලකුණු පෙනෙන්නට ඇත.

ප්‍රකට දේශපාලඥයින් සහ ප්‍රභූන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවා නම් ඈඳී තිබෙන මෙම අභිරහස් ඝාතනයට සම්බන්ධ CCTV වීඩියෝ පට කීපයක්ස අපරාධ පරීක්ෂණ අංශ වෙත ලැබී තිබෙන අතර ඒවායින් මෙම සිදුවීමේ බොහොමයක් රහස් හෙළිවන බව දැනගන්නට ලැබේ.

එසේම රජයේ පාර්ශවය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ ඉඟිකර තිබුණේ මෙම ඝාතනයට ප්‍රභූ පවුලක් සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇතිබවත්, එ්වා ලඟදීම හෙළිකරන බවත්ය. ඒ නිසාවෙන් තාජුඩීන් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ ඉතා උණුසුම් අයුරින් ඉදිරියට ගමන් කරනු ඇත.

නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසලදී ගිනිගෙන දැවුණු මෝටර් රථයක තිබී හමුවූ තාජුඩීන්ගේ සිරුර රාජපක්ෂ රජය පෙරළා දැමීමටද සෘජු සාධකයක් වූ අතර නුදුරු දිනකදී මෙම ඝාතනයේ සත්‍යය හෙළිදරව් වීම මෙරට දේශපාලනය දැඩිලෙස කැළඹෙන සිදුවීමක් වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles