Tuesday, May 7, 2024

යහපාලනයේ අපූරුවට “සත්හඬ“ මාධ්‍යවේදියෝ CIDයට..!

යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු තිදෙනෙක්ගේ ඉල්ලීමකට අනුව “සත්හඬ“ සති අන්ත පුවත්පතේ කර්තෘවරයා සහ නියෝජ්‍ය කර්තෘවරයා ප්‍රකාශ සටහන් කරගැනීමට අද(10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය.

විශේෂිතම සිදුවීම වන්නේ මාස 11ක් සපිරෙන යහපාලන රජය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ප්‍රථම මාධ්‍යෙවේදීන් පිරිස  වන්නේ මොවුන් වීමයි. සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මෙසේ කැඳවා ඇති අතර එයට හේතුව වන්නේ පසුගිය දිනක එම පුවත්පතේ පලවූ අැවන්ට් ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග කරන ලද සාකච්ඡාව වේ.

එම සාකච්ඡාව සිදුකරනු ලැබූයේ සුභාෂ් ජයවර්ධන නියෝජ්‍ය කර්තෘවරයා  විසින් වන අතර එහිදී සේනාධිපති මහතා විසින් චෝදනා කරනු ලැබූයේ වත්මන් රජයේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,චම්පක රණවක සහ අර්ජුන රණතුංග යන අයට ඔහු විසින් මුදල් ලබාදුන් බවය.

425ae1a11360bf7cf861209098df626b_XL

එම සාකච්ඡාවෙන් පසුව අදාල ඇමතිවරුන් විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියේ අදාල පුවත මගින් තමන්ට අපහාසයක් සිදුව ඇති බැවින් අදාල පුවත සම්බන්ධ පාර්ශව වලිට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසයි.

ඒ අනුව සී.අයි.ඩී විසින් සත්හඬ මාධ්‍යෙවේදීන්ගෙන් සහ ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් අලුත් ආණ්ඩුව යටතේ මාධ්‍ය දඩයමක් සිදුවීම පිළිබඳව ඉඟි පලකරන මේ සිදුවීමට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් පවතියි.

සත්හඬ නියෝජ්‍ය කර්තෘවරයා වන සුභාෂ් ජයවර්ධන පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ  “ලංකා එක්ස්“වෙබ් අඩවියේ කතුවරයා වශයෙන් රජයට අපහාස සිදුකලායැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් අතර ඒ සමයේ බොහොමයක් රජයට එරෙහිවූ මාධ්‍යවේදීන්ට සිරගතවන්නට සිදුවිය. ඉන් අනතුරුව “ලංකා ඩේලි“ වෙබ් අඩවියේ පුවත් කර්තෘවරයා ලෙසද සුභාෂ් ජයවර්ධන කටයුතු කරනු ලැබීය.

එසේම පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ සමග සිදුකරනු ලැබූ සාකච්ඡාවකදී කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉල්ලීම් සහ උපකාර කලායැයි සිදුකල හෙළිදරව්ව සම්බන්ධයෙන් ජ.වි.පෙ නායකයා ඇතුලු පිරිසද සුභාෂ් ජයවර්ධනට සහ “සත්හඬ“ පුවත්පතට එරෙහිව දැඩි චෝදනා එල්ලකරනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් CIA වෙබ් අඩවිය සුභාෂ් ජයවර්ධන මහතාගෙන් අද සිදුකල විමසීමකදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරපු කැඳවීමකට අනුව මටත් අපේ පුවත්පතේ කර්තෘවරයාටත් අද පැය තුනක පමණ කාලයක් මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාදෙන්නට සිදුවුණා..එහිදී අපි මතුකරපු තර්කය වුනේ මෙවැනි කරුණක් සම්බන්ධයෙන් අපිව සී.අයී.ඩීයට කැඳවන්න අයිතියක් නැහැ කියන එකයි..

පහුගිය ආණ්ඩුවේ ඉඳගෙන දූෂණ,වංචා කරලා ආණ්ඩුව පෙරලෙන්න ඔන්න මෙන්න තියෙද්දි පැනලා මේ ආණ්ඩුවේ ඇමතිවරු වෙලා ඉන්න මේ අය උත්සහ කරන්නේ මේ ආණ්ඩුව තුලත් පරණ ආණ්ඩුවේ ක්‍රමවේදයම ක්‍රියාත්මක කරන්නයි..නීතිය අතට අරගෙන කටයුතු කරන්නේ ඒ නිසාම තමයි..

යහපාලන ආණ්ඩුවේ පොරොන්දු අතරේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තිබුණට ඒවා යථාර්ථයක් නොවෙන බව පේන්න තියෙනවා..සිර දඬුවම්, සී.අයී.ඩී ය අපිට බොහොම හුුරුපුරුදු තැන් නිසා අපේ ක්‍රියාන්විතය බයකරලා අඩපණ කරන්න මොවුන්ට බෑ..නියත වශයෙන්ම අපි ඉදිරියටත් මෙවැන් හෙළිදරව් සිදුකරනවා නොනවත්වාම..“

යහපාලන රජය යටතේ මාධ්‍ය නිදහසට අතපෙවීමේ පූර්ව ලක්ෂණ මින් සති කීපයකට පෙරාතුව පුවත්පත් ක්ෂේත්‍රයේ දැඩිලෙස ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් බවට පත්විය. එසේම සත්හඬ මාධ්‍යවේදීන් සී.අයි.ඩී යට කැඳවීම පිටුපස සිටින්නේ මෙම අමාත්‍යවරුන් තිදෙනා පමණක් නොව ලංකාවේ ප්‍රබල වාමාංශික පක්ෂයක්ද සිටින බව දැනගන්නට ලැබේ.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles