මුළු ජනගහනයටම කොවිඩ් එන්නත් දීමට තීරණයක්

0
522

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත යොදා ගනිමින් නවසීලන්තයේ මුළු ජනගහනයම ආවරණය වනපරිදි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් තීරණයකර තිබේ.

ඒ අනුව තවත් එන්නත් මාත්‍රා මිලියන 8.5ක් මිලදී ගැනීමට අදාළ නිෂ්පාදන සමාගම සමග නවසීලන්ත රජය ගිවිසුම්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තය තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ අතර වසර අවසන් වනවිට සියලුම ජනතාවට එන්නත ලබාදීමට ඔවුන් සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here