Sunday, May 19, 2024

හොරණට අක්කර 64 ක ඖෂධ කලාපයක්

නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන පරිදි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඖෂධ වැඩි වශයෙන් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහ‍ා උපායමාර්ගික ක්‍රමෝපායන් අනුගමනය කරමින් පවතී. ඒ අනුව, මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරබොක්ක සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව යන ප්‍රදේශවල ඖෂධ කලාප පිහිටුවීමේ කටයුතු ආරම්භ කර ඇත.ඊට අමතරව තවත් ඖෂධ කලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මිල්ලෑව ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ඖෂධ කලාපයේ විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ, පිළිකා මර්දන ඖෂධ, පෙති හා කරල් ඖෂධ නිෂ්පාදනය සහ හෘද සැත්කම් උපකරණ. අභ්‍යන්තර අක්ෂි කාච නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.එම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පළමු අදියර රුපියල් බිලියන 08ක ඇස්තමේන්තුගත ආයෝජනයක් මත 2021 මාර්තු මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂිතය. යෝජිත ඖෂධ කලාපය ස්ථාපිත කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 64ක් සහ පර්චස් 83.3ක ඉඩම් කොටසක් වෙන් කර ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර දැනටමත් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට අවශ්‍ය තාක්ෂණික කරුණු ඉදිරිපත් කිරීම පිණිස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත්, පූර්ව හා පසු කොන්ත්‍රාත් සේවා සහ මූල්‍ය උපදේශන සේවා සැපයීම පිණිස ව්‍යාපෘති කළමනාකරු වශයෙන් පූර්ණ රජය සතු සමාගමක් වන සෙලෙන්දිවා ආයෝජන සමාගම පත් කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles