වැඩේ මාට්ටු!

0
893

පසුගිය කාලෙ රටේ වැඩිපුරම කතාබහ වෙච්ච ක්‍රීඩකයෙක්ගෙ මරණය ගැන සොයන කස්ටිය දැල එලල ඉවරලු. මේ මරණය සිද්ධ වුණ හැටි ගැන කියනවය කිව්ව සී.සී.ටී.වීත් බැලුවලු. ඒත් ඒවයෙ ඒ හැටි දෙයක් නැහැ කියලයි කියැවෙන්නෙ.

කොහොම වුණත් දොස්තර මහත්තුරැ කියන හැටියට මේක ඝාතනයක් බව ඔප්පු වෙලා තියෙනවා… ඉතින් ආරස්සක කස්ටිය මේ ගැන තොරතුරැ හොයාගෙන හොයාගෙන යනකොට ඒ කාලෙ ප්‍රභූ පවුලකට සේවය කරපු රියැදුරෙක් ළඟ දැන් පරීක්‍ෂණ නැවතිලා කියලයි කියන්නෙ.

මේ රියැදුරා කියන්නෙ එසේ මෙසේ පොරක් නෙවෙයිලු. දේශපාලන හයිය අරන් හමුදාවෙ කැප්ටන් සයිස් එකට ආව හාදයෙක්ලු. ඒ කාලෙ අතට පයට වැඩකාරයො තියාගෙන සුපිරි බීම බිබී, තරැ හෝටල්වලින් නිකම් කකා හිටපු මෙයා දැන් උතුරෙ කඳවුරක කට්ට කමින් සිටිනවලු.

ඉතින් අද හෙටම මේ හාදය එයාට හිමි නිසි තැනට ගේන්න වගකිවයුතු කස්ටිය සූදානම් වෙනවලු. ඊට පස්සෙ එයාගෙත් ඇත්ත කතාව අහන්නලු යන්නෙ.

(දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here