Monday, April 29, 2024

එක්තරා ආාකාරයක රාජතාන්ත්‍රික ජයග්‍රහණයක්..!

සෞදි අරාබියේදී  ගල්ගසා මරාදැමීමට එරට පාලනය විසින් කෘෘර තීරණයක් ගෙන තිබූ ලාංකේය කාන්තාවට එම දඬුවම සිරදඬුවමකට පමණක් සීමාකිරීමට තීරණය කරන ලද බවට ඊයේ(23) නිවේදනය කිරීමත් සමගම ලාංකේය ජනසමාජයට යම්තාක් දුරට සැනසුම් සුසුම් හෙලිය හැකි සිදුවීමක් ලෙස එය හැඳින්විය හැක.

සෞදියේදී අරාබියේ දාමාම්දි අධිකරණය විසින් සිදුකරන ලද නව නියෝගය ලංකා රජයට සතුටින් යුතුව දැනුම් දෙමින් එරට රජය කියා සිටියේ අදාල කාන්තාවට ගල්ගසා මරාදැමීම වෙනුවට සිර දඬුවම් නියම කිරීමට තීරණය කල බවත්ය, නමුත් එම දඬුවම වසර කීයක් සඳහාද යන්න හෙලිකර නොමැත.

ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ විදේශ රැකියා අමාත්‍යංශය සිදුකල ඉල්ලීම් සහ ජනතාව විසින් සිදුකරන ලද බලකිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන්ම මෙම සහනය ලබාදුන් බවටද එම රජය දැනුම් දී ඇත. එබැවින් මෙය එක්තරා ආකාරයක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මත ලද රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

පසුගිය රජය සමයේ මරණ දඬුවමට ලක්වූ රිසානාගේ දඬුවමට සහනයක් ලබාදෙන ලෙස සන්ධාන රජය කොතරම් ඉල්ලීම් සිදුකලත් ඒවාට සෞදි රජය ධනාත්මක ප්‍රතිචාර ලබානොදුන් අතර ඒ හා සැසඳීමේදී යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ රාජතාන්ත්‍රික සබඳතා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින බව පැහැදිලිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles