මියන්මාරයේ බී.බී.සී වාර්තාකරු අතුරුදන්

0
843

බී.බී.සී බුරුම සේවයේ වාර්තාකරුවෙකු මියන්මාර් ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.

අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැගෙන ගොස් ඇති එම වාර්තාකරු සොයාගැනීම සඳහා සහාය වන ලෙස බී.බී.සී සේවය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ප්‍රාදේශීය පුවත් සේවයක් වන මිසිමා හි වාර්තාකරුවෙකු වන තෑන් ටයිකේ අවුන් ද බී.බී.සී වාර්තාකරු අවුං තූරා සමග රැගෙන ගොස් ඇති අතර මිසිමා සේවයේ මෙහෙයුම් බලපත්‍රය යුද හමුදා පාලනය විසින් එම මස මුලදී අවලංගු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here