Sunday, May 19, 2024

මද්‍රසා පාසල් 1669යි… අරාබි පාසල් 317යි… අහ්දියා පාසල් 279 යි

පාකිස්තානයේ මද්‍රසා පාසල් ස්ථාපිත කිරීමට ඉඩදී තාලිබාන් ත‍්‍රස්තවාදීන්ට දොර විවෘත කළේ හිටපු ජනපති සියාඋල් හක් ය. පසුගිය යහපාලන රජය ද මුස්ලිම් ඡන්ද නිසා ඉවක් බවක් නැතිව මෙරට මද්‍රසා පාසල් ආරම්භ කිරීමට ඉඩ දුන්නේය. ඒ සඳහා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව අවසර දීමට කි‍්‍රයා කරනු ලැබීය. මේ වනවිට මෙරට මද්‍රසා පාසල් 1669 ක් ද අරාබි පාසල් 317 ක් ද ලියාපදිංචි වී ඇතැයි හෙළි විය. එහෙත් බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි කළේ මද්‍රසා පාසල් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි නොකර කි‍්‍රයාත්මක වන බවයි. කොළඹ, පුත්තලම, අම්පාර, ති‍්‍රකුණාමල, මහනුවර, බේරුවල, මඩකලපුව ඇතුළු ප‍්‍රදේශ රැසක අන්තවාදී මද්‍රසා පාසල් සහ අරාබි පාසල් බිහිවෙද්දී ඒ ගැන විමර්ශනය කිරීම බුද්ධි අංශවලට තහනම් විය. මේ අන්තවාදි ඉස්ලාමීය කි‍්‍රයාදාමය කොතරම් බරපතළ ලෙස කි‍්‍රයාත්මක වුව ද කිවොත් නව කුඩා මුස්ලිම් පල්ලි එකවරම විශාල පල්ලි බවට පත්වී එහි කොත් (මිරනට්) ඉතා උසින් ඉදිවූ බව තහවුරු විය.
 
 මේ සඳහා සවුදි අරාබියාව සහ කටාර් රාජ්‍යය විශාල ලෙස අරමුදල් සපයද්දී ඉස්ලාමීය අන්තවාදය උග‍්‍ර ලෙස වර්ධනය විය. ඒ අනුව 2017 වසරේදී මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අරාබි විදුහල් සඳහා ජාතික විභාගයක් පැවැත්වීමට උත්සාහ කරනු ලැබීය. මෙවන් පසුබිමක් මැද දහම් පාසල් යයි දක්වමින් ‘අහ්දියා’ නමින් හඳුන්වන පාසල් 277 ක් ද මෙරට කි‍්‍රයාත්මක විය. මේ කිසිදු ඉස්ලාමීය පාසල් ඇති ස්ථාන වෙබ් අඩවිවලින් වසන් කර තිබිණි. මෙම අරාබි පාසල්වල සිසුන්ට ඊජිප්තුවේ අල් අක්තාර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබාදීමට ද කි‍්‍රයා කර ඇත.

araksha3

මෙලෙස මද්‍රසා සහ අරාබි විදුහල් සඳහා විදේශ රටවල සිට ආගමික දේශකයන්ට සහ පූජකයන්ට මෙරටට ඒමට වීසා බලපත‍්‍ර සඳහා නිර්දේශ නිකුත් කළේ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ රිෂාඞ් බදුර්දින්ගේ කර්මාන්ත අමාත්‍යාංශයයි. එහෙත් විදේශිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීමේ නිර්දේශය පැවරී තිබුණේ රජයේ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයටය. එහෙත් රිෂාඞ් බදුර්දීන්ගේ කර්මාන්ත අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඒ ගැන තැකීමක් කළේ නැත.

මෙලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත අමාත්‍යාංශය 2016 වසරේදී ඉස්ලාමීය දේශකයන් සහ පූජකයන් 1408කට වීසා බලපත‍්‍ර නිර්දේශ කර තිබිණි. 2017 වසරේදී නේවාසික වීසා බලපත‍්‍ර 405 ක්ද මෙරටට ඇතුළු වීමේ වීසා බලපත‍්‍ර 356 ක් ද ලබාදී ඇතැයි අනාවරණය විය.
 araksha4

එහෙත් මෙරටට පැමිණි මොවුන් අයිසිස් ත‍්‍රස්තයන් ද එසේත් නැත්නම් තාලිබාන් ආගමික දේශකයන් ද යන්න ගැන බුද්ධි අංශවලින් නිරීක්ෂණ වාර්තා ගැනීමට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව කි‍්‍රයා කළේ නැත. මෙයට සමගාමීව අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ තොග පිටින් මෙරටට ඇණවුම් කළ අතර මුස්ලිම් දේශපාලන බලය නිසා රේගුවට සිදුවූයේ එම ග‍්‍රන්ථ මුදා හැරීමටයි. මේ අතර වත්මන් රජය බලයට පත් වී රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ බලධාරීන් වෙනස් වීම නිසා විදේශිකයන්ගේ වීසා සෙල්ලම හෙළි විය. ඒ විවිධ රජයේ ආයතනවල ලේකම්වරු සහ ඉහළ පෙළේ නිලධාරින් පවා විදේශිකයන්ට වීසා බලපත් ලබා ගැනීමට නිර්දේශ කිරීමයි. මෑතකදී අලූතින්ම හෙළි වූයේ අධිකරණ අමාත්‍යාංශය ද වීසා නිර්දේශ කර ඇති බවයි. එය සිදුවී ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවයි.
 
 මේ අතර 2018 වසරේ යහපාලන රජය බිහිවීමෙන් පසු සංහිඳියාවට මුවා වී අලූතින් මුස්ලිම් පල්ලි ඉදිකිරීමට ද අවස්ථාව හිමි විය. එම වසරේදී මුස්ලිම් පල්ලි 190 ක් ද කුරාණා මද්‍රසා පාසල් 1600 ක් ලියාපදිංචි කර තිබිණි. මේ සංඛ්‍යාව අද වනවිට කාත්තන්කුඩිය තුළ මුස්ලිම් පල්ලි 63 ක් දක්වා වැඩි වී ඇත. එහෙත් කාත්තන්කුඩියේ මුස්ලිම් ජනග‍්‍රහණය 47125 කි. මෙවන් සුළු ජනගහණයට මුස්ලිම් පල්ලි 63 ක් කුමකටදැයි කිසිදු දේශපාලකයෙක් විමසුවේ නැත. කාත්තන්කුඩියේ පමණක් මද්‍රසා පාසල් පහක් ඇති අතර ඉන් හතරක් කාන්තාවන් සඳහා බව බුද්ධි අංශ හෙළි කළේය. මේ පසුබිම මැද හිටපු නැෙඟනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා නමැත්තා හීරා පදනම නමින් සංවිධානයක් පාර්ලිමේන්තු පනතකින් සම්මතකර ගැනීමට ද ක‍්‍රියා කළේය. මෙලෙස ඉස්ලාමීය ව්‍යාප්තවාදය ශී‍්‍ර ලංකාව පුරා කි‍්‍රයාත්මක වන අවස්ථාවේ නිකාබය තහනම් කිරීමේ යෝජනාවක් ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් විය.
 
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සිටි සියලූ දෙනා එම යෝජනාවට කැමැත්ත පළ කළ අතර හිටපු පරාජිත අගැමති රනිල් වික‍්‍රමසිංහ ඊට එරෙහි විය. මේ අතර පාස්කු ප‍්‍රහාරයත් සමගම මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාව තහනම් විය. එහෙත් එම තහනම දීර්ඝ නොවී අහෝසි විය. මේ තත්ත්වය මැද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත‍්‍රයට අත්සන් කරනු ලැබූ අතර අන්තවාදයට සම්බන්ධ මද්‍රසා පාසල් සහ අරාබි පාසල් වසා දමන බව කියා සිටියේය. ඒ සමගම කොළඹ ඉස්ලාමීය ජාලය බරපතළ කම්පනයකට පත් විය. මෙරට අයිසිස් කි‍්‍රයාකාරීන් නැතැයි පවසමින් ජනතාව රැවටූ මුස්ලිම් කවුන්සිලයේ කි‍්‍රයාකාරියකු ද ඉන් අසරණ තත්ත්වයකට පත්විය.
 
රියර් අද්මිරාල් සරත් වීරසේකර බුර්කාව තහනම් කර අතැයි ප‍්‍රකාශයට පත්වූ විගස රජය මුස්ලිම් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බව දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහෙත් ඒ වනවිට ස්විස් ජනතාව බුර්කා තහනම සියයට 51.2 ක ඡන්ද ප‍්‍රතිශතයකින් අනුමත කර තිබුණි. ඊට අමතරව යුරෝපයේ රටවල් 16ක්ද බුර්කා තහනම කි‍්‍රයාත්මක කර තිබිණි. ස්විට්සර්ලන්තයේ බුර්කාව තහනම් වීමට පෙර එරට ටිසිනෝ සහ සැන්ට් ගැලන් ප‍්‍රාන්තවල බුර්කාව තහනම් වී තිබිණි.
 
 මේ පසුබිම මැද වත්මන් රජය යටතේ ද කි‍්‍රයාත්මක වන මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව වෙත කටාර් රාජ්‍යයේ සිට එවා තිබූ ග‍්‍රන්ථ 90 ක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීමේ සිද්ධියක් හෙළි වී ඇත. බේරුවල ෂෙයික් කොල්ඩින් පාරේ ස්ථාපිත නයිබිසියා ඉස්ලාමීය තරුණ සංවිධානය මෙම ග‍්‍ර‍්‍රන්ථ මෙරටට ගෙන්වා තිබිණි. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විමර්ශනයකින් තොරව එම ග‍්‍රන්ථවලට අනුමැතිය දුන්නේය. එසේ වුවත් එම ග‍්‍රන්ථ 90 න් හතරක වාහාබ් මතවාදය අන්තර්ගතව තිබූ බව අනාවරණය විය.
 
 රියර් අද්මිරාල් සරත් වීරසේකර කි‍්‍රයාත්මක කළ බුර්කා සහ මද්‍රසා තහනමට එරෙහිව ඔහුව මහජන ආරක්ෂක ධුරයෙන් ඉවත් කිරිමට පස්දෙනාගේ මුස්ලිම් කල්ලියට නොහැකිවීම නිසා ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමට සැලසුම් කරන බව හෙළි වී ඇත. මේ අතර බි‍්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරිනියක් වූ නිලානි කන්දිබන් නමැත්තිය අග්නිදිග ආසියා කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ඇමැති ටරික් අහමද් සාමිවරයා වෙත සංදේශයක් යවමින් ශී‍්‍ර ලංකාව අන්තර් ජාතික අධිකරණය වෙත යොමු කර ශී‍්‍ර ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කර ඉන්පසු උතුරු නැෙඟනහිරට ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළාය. මෙයට ප‍්‍රතිචාර දැක්වූ අහ්මද් සාමිවරයා කළ ප‍්‍රකාශයෙන් කන්දිබන් මෙන්ම විග්නේශ්වරන්, සම්බන්ධන්, සුමන්තිරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙන්ම මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ද නොසතුටට පත් විය. අහ්මද් සාමිවරයා මෙලෙස පවසා ඇත.
 
 ‘‘ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ නොහැකිය. එම අධිකරණයට අදාළ රෝම සම්මුතියට ශී‍්‍ර ලංකාව අත්සන් තබා නැත. මේ නිසා ශී‍්‍ර ලංකාව ගැන විමර්ශනය කිරීමට අන්තර්ජාතික අධිකරණයට නීතිමය බලයක් නැහැ. එය කළ හැක්කේ ශී‍්‍ර ලංකාව රෝම සම්මුතියට එකඟ වුවොත් පමණයි. යෝජනාවක් මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළහොත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඊට නිසි සහායක් ලැබෙනු ඇතැයි කිව නොහැකියි. මෙවන කි‍්‍රයාදාමයකින් ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාදාමයට සහායක් ඇති වන්නේ නැත. මෙම කන්දිබන් නමැත්තිය ජිනීවා යෝජනාවක් මගින් ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ද අහ්මද් සාමිවරයා පැවසුවේ එය සුදුසු කි‍්‍රයාමාර්ගයක් නොවන බවයි.
 
එසේ වුවත් බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රමුඛ රටවල් පහක මෙවර ඉදිරිපත් කර ඇති නව ජිනීවා යෝජනාවේ දක්වා ඇත්තේ මේ වනවිට එකතු කර තිබෙන සාක්ෂි ඉදිරියේ කි‍්‍රයාත්මක වන වගවීමේ කි‍්‍රයාදාමය සඳහා සංරක්ෂණය කළ යුතු බවයි. ශී‍්‍ර ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කීපයක් ඉල්ලා ඇති මේ තිලානි කන්දිබන් නමැත්තිය සමූල ඝාතන වැළැක්වීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය නමින් අටවාගෙන ඇති සංවිධානයේ ප‍්‍රකාශිකාව වේ. මෙලෙස අහ්මද් සාමිවරයා කොටි ඩයස්පෝරාව වෙත ප‍්‍රතිචාර දක්වන අතර මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වෙනස් වී ඇති බවත් ජය ලැබිය නොහැකි යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වගවීමේ කි‍්‍රයාවලිය අවසන් වන බවත් ප‍්‍රකාශ කර තිබේ.
 
 එසේම පරාජිත යෝජනාවක් තුළින් සිදුවන්නේ ශී‍්‍ර ලංකාව මානව හිමිකම් සමුළුවේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත් වීම බව ද ඉන් වින්දිතයන්ට පහරක් එල්ල වන බව ද හෙතෙම දක්වා ඇත. මේ අතර බුර්කාව තහනම් කිරීමේ යෝජනාව නිසා මෙරට සිට මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සම් තොග පිටින් යැවීමට කි‍්‍රයා කර ඇත. මෙය මුස්ලිම් ලෝකයට කළ තර්ජනයක් බවට ද අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රකාශ විය. එක් මුස්ලිම් කි‍්‍රයාකාරිකයෙක් කොළඹ ඉරාන, ඉරාක, සවුදි, කටාර් තානාපති කාර්යාලවලට ගොස් මුස්ලිම්වරු මර්දනය කරන බවට ගිනි ඇවිළීමේ යෙදී ඇත.
 
 මාලදිවයින ජාතික එක්සත් ජාතීන්ගේ නියෝජිත අහ්මද් ෂයිද් බුර්කා තහනමට එරෙහි වී තිබේ. එහෙත් ඩෙන්මාර්කය, ප‍්‍රංශය සහ ජර්මනිය යන රටවල් බුර්කාව තහනම් කර ඇතත් ඊට එරෙහිව එඬක් නැඟී නැත.
 
 මෙලෙස බුර්කාව සහ මද්‍රසා සහ අරාබි පාසල් තහනම් කිරීමේ යෝජනාව නිසා රියර් අද්මිරාල් සරත් වීරසේකරලේ ජීවිතයට තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබේ.මන්දයත් අන්තවාදීන් 10,000කට වඩා මෙරට සිටින නිසාය. මේ තත්ත්වය මත ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජීනිවා මානව හිමිකම් සමුළුව අමතමින් ශී‍්‍ර ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කර ඇතැයි ප‍්‍රකාශ කර ඇත.
 
 මෙවන් පසුබිමක් මැද ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානය මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට නිසා ප‍්‍රතිචාරය දක්වා ඇත. නේස්බි සාමි, මොහාන් පීරිස් පාලිත කොහොන ඒ සඳහා සම්බන්ධ වී තිබේ. මෙයට අමතරව මානව හිමිකම් සමුළුව දසවරක් ඇමතූ ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානයේ නියෝජිතවරු මානව හිමිකම් කොමසාරිස්වරියට අභියෝග කර තිබේ. මේ ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානය මෙහෙයවන්නේ ලන්ඩන් සොලිසිටර් ජෙයරාජ් පලිහවඩනයි. මේ අතර මෙරට පාකිස්තාන් මහ කොමසාරිස්වරයා ද බුර්කාව තහනම් කිරීමට විරෝධය දක්වා ඇත. ඔහුට අමතරව හිටපු මුස්ලිම් මන්තී‍්‍ර එම්. එම්. සුහයිරි ද ඊට එරෙහි වී තිබේ. මේ තත්ත්වය මත රජය බුර්කා තහනම් යෝජනාව කල් දැමුවේ මුස්ලිම් රටවල් නිසා ද යන්න සැක පහල වී තිබේ. divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles