කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග- අගරදගුරු

0
577

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයක් පවත්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති. 

දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බව ද පැවසු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් යුක්තිය කෙරෙනවා දකින්න අවශ්‍ය බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“ලබන මාසය එනම් අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් අපි 21 වන දා අපි කරන විරෝධය ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා කරන බව දන්වමි. විනිවිඳභාවයෙන් යුතු ක්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව අඩුම ගානේ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව එහි වැරදිකරුවන් ලෙස නම්කර ඇති සමහර අය උසාවිය ඉදිරියට ගෙන ඒමට 21කට කලින් මේ රජය කටයුතු නොකළහොත් අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here