හිටපු ජනපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – කාදිනල් හිමි ඉල්ලයි

0
711

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියි. එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම සිදු කළේ අද(04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වූ පාස්කු ඉරුදින දේවමෙහෙය අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here