Sunday, May 19, 2024

කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍යය, පාස්කු ඉරු දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් උතුම් මංගල්‍යයක් ලෙස සළකන පාස්කු ඉරිදා දිනය අදට(04) යෙදී තිබේ. පාස්කු ඉරු දිනය කිතුණු ජනතාවගේ උත්තරීතරම මංගල්‍යයයි. විමුක්තිදායකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මරණය පරාජයට පත්කරමින් මළවුන්ගෙන් උත්ථානවීම කිතුණු බැතිමතුන් අද සමරයි. පාස්කු ඉරු දිනය කිතුණු ජනතාවගේ උත්තරීතරම මංගල්‍යයයි. අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වන කිතුනු බැතිමතුන් පාස්කු ඉරු දින උන්වහන්සේ උත්ථාන වීමේ ඉමහත් ප්‍රීතියෙන් සමරනු ඇත. දිවයින පුරා දේවාස්ථානවල ඊයේ (03) රාත්‍රීයේ ද දේව මෙහෙයන් පැවති අතර අද සියලු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ දේව මෙහෙයන් පැවැත්වේ. මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද එහිදී සිදුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles