ජයන්ත ධර්මදාසට සිංගප්පූරුවෙන් ජාතික සම්මාන

0
670

සිංගප්පූරු රජයේ ජාතික දිනය නිමිත්තෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තෝරාගත් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ සිංගප්පූරු කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාට “පබ්ලික් සර්විස් ස්ටාර්” සම්මානය පසුගිය 4දා පිරිනැමිණි.

සිංගප්පූරු අගනුවර පැවති ජාතික සම්මාන ප්‍රදාන උළෙලේ ප්‍රධාන ආරාධිතයන් වූයේ එරට ජනාධිපතිනි හලීමා යාකුබ් මහත්මිය සහ එරට අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන් මහතාය. ආචාර්ය ධර්මදාස මහතාට එම විශේෂ සම්මානය පිරිනැමුවේ සිංගප්පූරු ජනාධිපති හලීමා යාකුබ් මහත්මිය අතිනි. විශේෂ ජූරි සභාවක් විසින් එරට ජාතික සම්මාන ප්‍රදානය සඳහා සුදුස්සන් තෝරාගත් අතර දිගු කාලයක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු කොන්සල් ජනරාල් ලෙස කළ සේවාව අගයමින් ආචාර්ය ධර්මදාස මෙම සම්මානයට තෝරාගත් බව ප්‍රකාශ විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here