Monday, May 6, 2024

PCR නැතුව කොවිඩ් හඳුනාගන්න දැන් ලේ පරීක්ෂණයකින්

ඇඟිලි තුඩගින් ලබාගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් ආසාදිතව ඇති – නැති බව හඳුනාගත හැකි සරල පහසු ලාබදායී ප්‍රතිදේහ පරීක්ෂාවක් ඔක්ස්ෆර්ඩ් සරසවිය නිර්මාණය කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවිය හඳුන්වා දී ඇති රසායනික ප්‍රතික්‍රියාකාරකයක් ඇතුළත් බොත්තමක් බඳු උපකරණයකට කෙනෙකුගේ ඇඟිලි තුඩගින් ලබාගන්නා රැධිර බිඳුවක් එකතු කර පැයක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් නිශ්චිතව සහ නිවැරදිව පියවි ඇසින් හඳුනාගත හැකි බව ලංකාවේ මේ පිළිබද මූලික සායනික පරීක්ෂාවන් සඳහා මාස 06ක පමණ කාලයක් පුරා දායකවන මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

කොවිඩ් වෛරස ප්‍රෝටීනය නිසා ඇතිවන ප්‍රතිදේහ ඇසුරුකර ගනිමින් කොවිඩ් ආසාදිතව ඇති-නැති බව සරලව හඳුනාගත හැකි බව මහාචාර්ය මලවිගේ පෙන්වා දෙයි.

දැනට මූලික සායනික පරීක්ෂාවන්ගෙන් සියයට 90ක පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇති මේ පරීක්ෂාව කෙනෙකුට සිය නිවසේ කාර්යාලයේ හෝ ක්ෂේත්‍රයේ ඕනෑම තැනකදී ඉතා පහසුවෙන් සිදුකර ප්‍රතිඵල ලබාගත හැකි ඉතා සරල පරීක්ෂාවකි.

කොවිඩ් හඳුනාගැනීම සඳහා වන ඉහළ මිලක් වැයකළ යුතු පී.සී.ආර්. වැනි පරීක්ෂණ වෙනුවට දිළිඳුරටවල්වලට සාර්ථක, පහසු, ඉක්මන්, අඩුමිලක් සහිත පිළියමක් සොයාදීම සඳහා මේ පර් යේෂණ ක්‍රමවේදය හඳුන්වාදුන් බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව ප්‍රතිශක්තිකරණ විද්‍යා අංශයේ මහාචාර්ය ඇලේයින් ටවුන්සෙන්ඩ් කියයි. 

ශ්‍රී ලංකාව මෙන්ම නොර්වේ, කොලොම්බියා, තායිවාන් ඇතුළු රටවල් 21ක මේ නව පර් යේෂණ ක්‍රමවේදය මේ වනවිට සායනික පරීක්ෂාවට ලක්කෙරෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles