Sunday, May 19, 2024

අවුරුදු සැමරීම වරද්දාගත්තොත් තුන්වැනි රැල්ලක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සංගමය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනවිට රට තුළ කෝවිඩ් වසංගතය පවතින බව දැන ජනතාව අවුරුදු සැමරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දේශයට පැවසීය.

ලෝක ව්‍යාප්ත වසංගතයක් ජනතාවගේ සහයෝගය නොමැතිව ආණ්ඩුවට හෝ සෞඛ්‍ය අංශවලට තබා පොලීසියට හමුදාවටවත් පාලනය කළ නොහැකි බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. ජනතාව පෞද්ගලික කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම අතිශය වැදගත් බවත් එසේ නොමැති නම් තුන්වැනි රැල්ලක අවදානම මතුවිය හැකි බවත් සහකාර ලේකම්වරයා පැවසීය. අවුරුදු උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ පැවැත්වීමට හැකියාව තිබුණද නොපවත්වා සිටීමට හැකිනම් වඩාත් යහපත් බව ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ජනතාව අවුරුදු හරියාකාරව සැමරැවේද යන්න මැයි මාසය වනවිට දැනගත හැකිවනු ඇති බවයි. කොතරම් නීති මාර්ගෝපදේශ තිබුණද වඩාත් වැදගත් වන්නේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය. නොසැලකිලිමත් බවේ ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවන්නේ ජනතාවටම බවද මෙහිදී කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles