Friday, October 18, 2024

චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය අද(18) අවසන් වුණා. එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම විශේෂත්වයකි.

මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීම බවයි වාර්තා වන්නේ.

2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බව ද මෙහිදී සඳහන් වුණා.

මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතු යැයි මෙහිදී සඳහන් වූ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

Related Articles

Latest Articles