හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට..!

0
1037

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන තර්ජනය කිරීම සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

අදාල සිද්ධිය සිදුවී සති කිහිපයක් ගතවූවත් ඊයේ වනතෙක් සිදුකර තිබුණේ ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණි. එම සිදුවීමට අදාල වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබුණු අතර වැඩිදුර උපදෙස් ලබානොදීම සම්බන්ධව නීතිපතිවරයාට සහ රජයට දැඩිලෙස චෝදනා එල්ලවිය.

නීතිපති යුවන්ජන් විජේතිලක ඊයේ උපදෙස් ලබාදී තිබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here