Monday, April 29, 2024

රත්පුරේ මැණික් ඉඩම් තවමත් විදෙස් සමාගම් වලට..!

අයවැය යෝජනා තුලින් විදෙස් සමාගම් වලට ලංකාව තුල මැණික් ගැරීමේ සහ කර්මාන්තයේ යෙදීමේ අයිතිය ලබාදීම සම්බන්ධ යෝජනාවලට මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගම්වලින් දැඩි විරෝධතා එල්ලවූ වටපිටාවක නැවතත් විදෙස් සමාගම් සතු ශ්‍රී ලංකාවේ මැණික් ඉඩම් සම්බන්ධ කතාව මතුවී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදෙස් සමාගම් ලංකාවේ මැණික් ජාවාරම්වල යෙදීම වලක්වන්නට එම සමාගම්වල මැණික් ගැරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිිකාරිය විසින් ලබාදී තිබූ බලපත්‍ර සියල්ලම අහෝසිකල බවත් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. නමුත් දැනගන්නට ලැබෙන ආකාරයට තවමත් සමාගම් කිහිපයක්ම එම ඉඩම්වල මැණික් ගැරීමේ බලපත්‍ර සහිතව සිටින බවත්, ඔවුන් කර ඇත්තේ තාවකාලිකව මැණික් ගැරීම නවතා දැමීම පමණක් බවත් CIA වෙත හෙළිදරව්වී ඇත.

SUPREME GLOBAL HOLDINGS නැමති ප්‍රකට බහු ජාතික සමාගමකට අයත් රත්නපුර ගඟගාව වත්ත ඉඩම සහ රත්නපුර පැරඩයිස් වත්ත  යන ඉඩම් දෙකේම බලපත්‍ර එලෙස අහෝසිකරනු ලැබූ බව පැවසූවත්, සිදුකර ඇත්තේ තාවකාලිකව මැණික් ගැරීම නතරකිරීම බව පමණක් වාර්තාවේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත‍්‍ර අංක 26291 සහ ලිපි ගොනු අංක EH 11396 A යටතේ ඇහැළියගොඩ එල්ලාවල ‘ගඟගාව වත්ත’ නමැති අක්කර හතරක භූමිය පතල් කැණීම සඳහා ලබා දී ඇත්තේ සුප‍්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS) නම් සමාගමටය. ඊට අනුබද්ධ රත්නායක සන්ස් ඇන්ඞ් ප‍්‍රයිවට් ලිමිටඞ් නම් සමාගමට 28551, 28552, 28553 යන අංක යටතේ බලපත‍්‍ර තුනක් නිකුත් කර ඇත්තේය.

යහපාලන රජයේ පරිසර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින්ම ඉතා බරපතල ලෙස දේශීය මැණික් සම්පත විදේශිකයන්ට කොල්ලකන අදාල සමාගම්වලට එරෙහිව නිිසි පියවරක් නොගැනීම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව ඉතා පැහැදිලිය.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles