Thursday, May 16, 2024

රාජිතගේ ටොම්පච මැද තාජුඩීන්ගේ වීඩියෝ පිටරට යයි..

තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ වීඩියෝ දර්ශන විදෙස් පරීක්ෂණ ආයතනයන් වෙත යැවීම වඩාත් සුදුසු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත.

මෙයට හේතුව වී ඇත්තේ අදාල CCTV උපකරණවල අපහැදිලිබව නිසා තාජුඩීන්ගේ මෝටර් රථයට සිදුවූ දේ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකිවීමයි. එසේම අදාල දර්ශනවල සිටින පුද්ගලයන්ගේ මුහුණු හඳුනාගැනීමටද නොහැකිවී ඇත්තේ අධික ආලෝක ධාරා මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් නිකුත්වීම නිසාවෙන්ය.

නමුත් පසුගිය දිනක අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට කියා තිබුණේ තාජුඩීන් ඝාතනයේ වීඩියෝ පටවලින් එයට සම්බන්ධ ප්‍රභූ පවුල්වල පුත්‍රයන් ඇතුළු අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඉක්මණින්ම ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි. එවැනි ප්‍රකාශයක් සිදුකර සති කිහිපයක් යන්නට පෙර අදාල වීඩියෝ පට පරික්ෂාකල විශේෂඥයන් ඒවා විදේශයන්ට යැවිය යුතුයැයි නිර්දේශ කිරීම තුලින් රාජිත අමාත්‍යවරයා කියා ඇත්තේ අමූලික බොරුබව පැහැදිලිව පෙනීයයි.

රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි අමූලික බොරු පතුරවද්දි මෙරට අපරාධ පරීක්ෂණ අංශ ඉතා අසරණවීම පුදුමයක් නොවේ. එවන් වාතාවරණයක කොළඹ විශ්වවිද්‍යාලය විසින් අදාල වීඩියෝ පට FBI වැනි දියුණු තාක්ෂණය සහිත ආයතනයක් වෙත යවා පරික්ෂාකිරීම වඩාත් යෝග්‍ය බව පෙන්වාදීම නිසා ඉතා ඉක්මණින් එම වීඩියෝ දර්ශන අදාල ආයතන වෙත යොමුකිරීමට අපරාධ පරීක්ෂණ අංශ කටයුතු කරන බව දැනගන්නට ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles