චන්දිමගේ ගෙදර තීන්ත ගාන්න සංස්ථාවෙන් ලක්ෂ 75ක්..!

0
873

ඛනිජ තෙල් ඇමැති චන්දිම වීරක්කොඩිගේ නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ස 75ක මුදලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

මේ මුදල ලබාගෙන ඇත්තේ නිවසේ පිළිසකර කටයුතු සහ තීන්ත ආලේප කිරීම සඳහාය. ඇමැතිවරයා සංස්ථාවේ ඝණකාධිකාරී අංශයට විශෙෂ පණිවිඩයක් මගින් මෙම මුදල වෙන් කරන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ අනුව සංස්ථාාව ඉල්ලූ මුදල ලබාදී ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර ද අමැතිවරයා තමන්ගේ භාවිතයට නවතම BMW රථයක් ගෙන්වීමට දැරූ උත්සහය ව්‍යර්ථ වූයේ මාධ්‍ය මගින් එය හෙළිදරව් කිරීම නිසාය.

මේ සම්බන්ධයෙන් විමසීමට අමැතිවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යාර්ථ වූයේ ඔහු දිගින් දිගටම රැස්වීම් බව පවසමින් මඟ හැරීම නිසා ය.

(ඉරුදින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here