Friday, May 3, 2024

නවසීලන්ත පොලීසිය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයෙන් එළවා දමයි..[Video]

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන පන්දුවාර 20 තරඟය අතරේ තරඟය නරඹමින් සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් පිටියේ බාධාකාරී හැසිරීම් සිදුකලායයි චෝදනා කරමින් බලහත්කාරයෙන් ක්‍රීඩා පිටියෙන් නෙරපා ඇත.

සංගීත භාණ්ඩ  වාදනය කරමින් ඉතාමත් සක්‍රීයව ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය ලබාදුන් මෙම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිස පිටියේ රැඳී සිටි නවසීලන්ත පොලීසිය විසින් දැඩිසේ තර්ජනය කර ක්‍රීඩාංගනයෙන් පිටතට යවා ඇත්තේ සංගීත භාණ්ඩද රාජසන්තක කරමින්ය.

මේ පිළිබඳ අදහස් දැක්වූ පිටියේ වෙනත් අන්තයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් සඳහන් කලේ නවසීලන්ත පොලීසිය විසින් දිගින් දිගටම ලාංකික ප්‍රේක්ෂකයන්ගේ නිදහස් රසවින්ඳනයට බාධා සහ සීමා පනවා තිබූ බවත්, එම සීමා උල්ලංඝනය කරමින් විනෝදකාමීව තරඟය නැරඹූ පිරිස මෙලෙස බලහත්කාරයෙන් පිටියෙන් එළවා දමා ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles