Monday, May 13, 2024

හිරුණිකා අත්අඩංගුවට ගන්න මාසයක්‌ බලා හිටියා – රන්ජන්

දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන්න මාසයක්‌ බලාගෙන ඉන්න සිද්ධ වුණා. පැය 2 කින් කරන්න තිබුණු වැඩේ එසේ නොකරපු නිසා යහපාලන ආණ්‌ඩුවට ලොකු කළු පැල්ලමක්‌ එකතු වුණා යෑයි රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා “දිවයින” ට ඊයේ පැවසීය.

හිරුණිකාගේ මේ ක්‍රියාව නිසා යහපාලන ආණ්‌ඩුව මහජනතාව අතරේ දැඩි අපකීර්තියකට ලක්‌වූ බව ද රාමනායක මහතා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා “දිවයින” ට එසේ පැවසීය.

එහිදී තවදුරටත් රාමනායක මහතා මෙසේ ද කීය.

“හිරුණිකා කියන්නේ මගේ හොඳම මිතුරියක්‌. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි දෙන්නා පාර්ලිමේන්තුවේදී ලොකු සටනක්‌ කළා. කොයි තරම් මිතුරුකමක්‌ තිබුණත් ඇය වැරදි වැඩක්‌ කළා නම් ඒකට එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හිරුණිකාට වැඩිය මම ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි යහපාලන ආණ්‌ඩුවටයි ආදරේ කරනවා. හිරුණිකා වැරැදි නම් ඒකට එයාට දඬුවම් ලැබෙන්න ඕනේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟපු ආණ්‌ඩුව විනාශ කරන්න දෙන්න බෑ. හිරුණිකා වගේ අත්දැකීම් අඩු දේශපාලනඥවරියක මේ අයුරින් හැසිරීම වැරදියි. එය නරක පූර්වාදර්ශයක්‌ වෙන්න පුළුවන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles