CID නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් අසනීපවෙයි..

0
749

අනවරසයෙන් ඇත් පැටවෙකු ලඟ තබාගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිද්දී උඩුවේ ධම්මාලෝක හිමියන් හදිසියේම අසනීපවී තමන් විසින්ම කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උඩුවේ හිමියන්ට දන්වා තිබුණේ අනවසර ඇත් පැටවෙකු ලඟ තබාගැනීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් සටහන් කරගැනීමට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි. නමුත් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ගැන සිතා ප්‍රකාශයක්ද ලබානොදී ඒ හිමියන් රෝහල්ගතව ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් අනවසර ඇත් පැටවෙකු පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ලඟ තබාගැනීමට අදාල කිසිඳු නීතිමය ලියවිල්ලක් ඉදිරිපත්කිරීමට උඩුවේ හිමියන් මේ වනතෙක් සමත්ව නැත. මෙම චෝදනාවම යටතේ කොලොන්නාවේ සුමංගල හිමියන්ට සහ විනිසුරු තිළිණ ගමගේටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here