Saturday, May 11, 2024

දුම්රිය පාලම් ආයෙත් පුපුරයි – ඒවා හංඟා චීනගෙ වැඩයයි

මින් පෙර CIA අනාවරණය කල මාතර – කතරගම දුම්රිය මාර්ගයේ පාලම් ගණනාවක් පුපුරා ඇතිබවත්, ඒවා සඳහා ගම් වර්ගයක් භාවිතාකර තාවකාලික විසඳුම් යෙදීමට චීන සමාගම කටයුතු කරන බව ඉතාමත් දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් වූ අතර නැවත එම දුම්රිය මාර්ගයේම පාලමක පාදම සම්පූර්ණයෙන් ඉරිතලා කඩාගෙන වැටීමේ අවදානමකට ලක්ව ඇතිබව වාර්තාවේ.

මාතර – කතරගම ඉදිකරමින් පවතින දුම්රිය මාර්ගයේ දික්වැල්ල යෝජිත දුම්රිය ස්ථානයට ආසන්නයේ පහත්බිමක් උඩින් දිවෙන විශාල දුම්රිය  පාලමක පාදම මෙලෙස අවදානම්සහගත ලෙස පුපුරා ඇතිබව දැනගන්නට ලැබේ. නමුත් China Machinery Coperation (CMC) සමාගම අදාල පිපිරීම් යටගසමින් ඉතාම සූක්ෂමව ඉදිකිරීම් කටයුතු කරගෙන යමින් පවතී.

මින් පෙර අදාල ඉදිකිරීම්වල පිපිරීම් සඳහා යම් මැලියම් වර්ගයක් ආලේප කිරීම සිදුකරමින් ඉතාමත් අවදානම්සහගත විසඳුම් ලබාදීමට උත්සහකල අදාල සමාගමේ එම ප්‍රයත්නය වැලකීගියේ මාධ්‍යයට හෙළිදරව්වීමත් සමගින්ය.

කෙසේ වෙතත් දිගින් දිගටම මාතර – බඹරැන්ද අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් විනාශවීයාමේ අවදානමට ලක්වීම සමග අදාල දුම්රිය මාර්ගය ප්‍රශස්ත තත්ත්වයෙන් පරිභෝජනයට ගැනීමට හැකිවේද යන්න පිළිබඳ පැනයක් මතුව ඇත.

(දයා නෙත්තසිංහ)

ආශ්‍රිත පුවත් – දුම්රිය පාරේ පාලම් පුපුරයි – චීනා ඒවා ගම්ගා අලවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles