Friday, September 20, 2024

වේග පන්දු පුහුණුකරු තනතුරින් නෙරපයි..!

මුදලට තරඟ පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ට යෝජනා කිරීම  සම්බන්ධ සිද්ධියට අදාලව ශ්‍රී ලංකා ක්‍රිිකට් කණ්ඩායමේ කලක පටන් වේග පන්දු යැවීමේ පුහුණුකාරිත්වය දැරූ අනූෂ සමරනායක මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත්කිරීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

කුසල් ජනිත් සහ රංගන හේරත් යන ක්‍රීඩකයන්ට තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ගයාන් විශ්වජිත් යන ක්‍රීඩකයාටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයට හෝ ක්‍රීඩාපිටිවලට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. අදාල සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙමින් යන අතරතුර මෙම තීරණය ගැනීමට සිදුව ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles