Saturday, May 18, 2024

මිරිස්සේ “අමුතු හෝටල්“ වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නට යයි..

වැලිගම, මිරිස්ස සංචාරක කලාපයේ පිහිටා ඇති හෝටල් කිහිපයක “අමුතු ක්‍රමවේද“ නිසාවෙන් ඒවාට එරෙහිව පරීක්ෂණ සිදුකිරීමට ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

මෙම හෝටල් විසින් දේශීය සංචාරකයන්ට ආහාර පාන හෝ නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු නොකරන අතරම, කිසිඳු දේශීය බාහිර පාර්ශවයකට මෙම හෝටල් තුළට ඇතුළුවීමට අවස්ථාවද ලබානොදීම නිසා මෙම සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විමර්ශණ ආරම්භකර ඇත.

තොරතුරු එක්රැස් කරගැනීමේදී දැනගන්නට ලැබී ඇති ආකාරයට මෙයින් බොහොමයක් හෝටල් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන ඒවා වන අතරම ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ විශේෂ ප්‍රතිපත්තිය වන්නේ කිසිඳු විදේශිකයෙක්ට හෝ දේශීය සංචාරකයෙක්ට වෙනස්කොට සැලකීමෙන් වැලකී සිටීමයි. එම සදාචාරාත්මක ප්‍රතිපත්ති පවා උල්ලංඝනයකරමින් පවත්වාගෙන යන හෝටල් සංචාරක කර්මාන්තයටද ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව පෙනෙන්නට ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles