සිංහයන්ගේ නියම පාට 02

0
863

මේ කියන්න හදන්නෙ කොළපාට සිංහයෙක් ගැන. තුලාව භාර දෙවෙනි ඇමති පට්ටම හම්බවෙච්ච නිසාදෝ ඒ මහත්මයා මේ දවස්වල මගුල් තුලා පැත්තට වැඩිපුර නැඹුරු වෙලා කියලා කණ කැස්බෑවා එක්ක කිව්වේ ගුවන් සේවිකාවක්.

මේ මහත්මයා ගුවන් සේවිකාවන් කීපදෙනෙකුටම මගුල් තුලාවලට යෝජනා කරලා තියෙනවලු. ඒ යෝජනා ගැන වැඩිදුර සාකච්ජා කරන්න කොල්ලුපිටිය සහ නුවරඑළිය ප්‍රදේශවල තියෙන සාකච්ජා සඳහාම හදපු විශේෂ බංගලාවලට එන්න කියල ඇරයුමුත් ලැබෙනවලු. මේ තත්වය මුළින් මුලින් ඇතැම් ගුවන් සේවිකාවන් අතර ගැටුම් ඇතිකළත් දැන් දැන් ගුවන් සේවිකවනුත් වැඩේ තේරුම් අරන්ලු ඉන්නේ.

මේ ගැනත් කණ කැස්බෑවට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා කියපු දේම තමයි. කට්ටිය බලය ගත්තේ රට වෙනස් කරන්න. දැන් හැමෝටම ආව වැඩේ අමතක වෙලා. සමහරු තීන්ත ගාගෙන ටයිල් අල්ලගෙන ඔෆිස් හදාගන්නවා. තවත් සමහරු ඩීල් දාගෙන වංගු ගහගෙන කුට්ටිය හදාගන්නවා. තවත් සමහරු බලය පෙන්නගෙන මගුල් අහන්න ගිහින් කතන්දර හදාගන්නවා.

මේකද ඕයි යහපාලනේ ?

(කණ කැස්බෑවා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here