Saturday, May 18, 2024

හෝමාගම උසාවිය ඉදිරිපිට ඩෙඟා නැටූ කහකඩයන් අත්අඩංගුවට ගැනීමට නියෝග..!

බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීමට හෝමාගම අධිකරණය නියෝග කිරීමත් සමගම එම උසාවිය අවට ඇතිවූ උණුසුම් තත්ත්වය අතරේ උසාවි භූමියේ කටයුතු වලට බාධා කරමින් හැසිරුණු චීවරධාරීන් සහ ගිහියන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර ඇත.

ඒ අනුව සිදුවීමට අදාල වීඩියෝ පට සහ ඡායාරූප පරික්ෂාකර කලහාකාරීව හැසිරෙමින් අධිකරණයේ කටයුතුවලට බාධා කිරීම, ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම, සාමාන්‍ය ජනතාවට හිරිහැරවන සේ කටයුතු කිරීම, රජයේ සේවකයන්ගේ කටයුතුවලට බාධාකිරීම සහ වාචික පිරිභව කිරීම වැනි චෝදනා යටතේ අදාල චීවරධාරීන් සහ ගිහියන් අත්අඩංගුවට ගැනීමට මේවනවිට විමර්ශන ආරම්භකර ඇතිබව වාර්තාවේ.

ඉතාම අවේගශීලීව සහ විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් නිකාය මට්ටමින්ද අදාල චීවරධාරීන්ට එරෙහිව පියවර ගැනීමේ සූදානමක් ඇතිබව දැනගන්නට ලැබේ.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles