Saturday, May 4, 2024

යෝෂිතගේ නාවික හමුදා පැටිකිරියට ලෙඩක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දෙවනි පුත්‍රයා වන ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව පියවර ගන්නා ලෙස නාවික හමුදාවට ජනාධිපති කාර්යාලය පාර්ශවයෙන් උපදෙස් ලැබී ඇතිබවට වාර්තා වේ.

ත්‍රිපුද්ගල කමිටුවක් විසින් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ පුහුණුව ලබන සමයේදී ඔහු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 16 ක් වැයකිරීම සම්බන්ධයෙන් සලකා බලා ඇත. එසේම ඔහුව නාවික හමුදාව වෙත බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්ද යන්න විමර්ශනය කර ඇත.

යෝෂිත රාජපක්ෂ විසින් නාවික සෙබලෙකු බඳවා ගැනීමේ මූලික සුදුසුකම වන අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත්වීම යන සුදුසුකම සාමාන්‍ය පෙළ දෙවැනි වරට මුහුණදීමෙන් සම්පූර්ණ කර ඇත අතර, එසේම උසස් පෙළ සුදුසුකම් මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියද සහිතව ඔහු නාවික හමුදාවට බඳවාගෙන ඇතිබව හෙලිවී ඇත.

කෙසේ වෙතත් රජයේ මුදල් ලක්ෂ 160ක් වැයකර බ්‍රිතාන්‍යෙයේ සහ යුක්රේනයේ පුහුණුවීම් ලබාදීම සහ නාවික හමුදාවේ විශේෂ වරප්‍රසාද ලබාදීමට එකම හේතුව යෝෂිත රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පුත්‍රයා වීම පමණක් බවත් එම වාර්තා සඳහන් කර ඇත. එබැවින් එම විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් කඩිනම් විනය පියවරක් ගැනීමට නාවික හමුදාව අපේක්ෂාවෙන් සිටියි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles